Monday, June 9, 2014

Engine

     මුලික ස්වයංචලන තාක්ෂණය (Motor Vehicle)
           මෝටර් රථයක ප්‍රධාන පද්ධති
01.එන්ජිම (Engine)
02.බල සම්ප්‍රේෂණ පද්ධතිය (Transmission System)
03.සුක්කානම් පද්ධතිය (Stering System)
04.තිරිංග පද්ධතිය (Braking system)
05.අවලම්බන පද්ධතිය (Suspension System)
06.චැසිය හා බොඩිය (Frame)
07.විදුලි පද්ධතිය(Electrical system)
08.රෝද (Wheels)

            එන්ජිම (Engine)
     සිව් පහර පෙට්‍රල් එන්ජිම (4 stroke petrol engine)
 සිව් පහර  පෙට්‍රල් එන්ජිමක මුලික කොටස් වන්නේ මුදුන් කවුළු 2ක් සහිත සිලින්ඩරය හා එම කවුළු 2ක ඇරීමට හා වැසීමට වෑල් 2ක් ඇත.
සිලින්ඩරය තුල ඉහල පහල යා හැකි ලෙස පිස්ටනය දගරකදට සවි කර ඇත.සිලින්ඩරය ,පිස්ටනය ,පිස්ටන් අත ,දගරකද යන කොටස් වලින් සමන්විතය.
පිස්ටනය ඉහල පහල යන විට සිලින්ඩර් අත මගින් දගරකද කරකැවීම සිදු කාරයි .සිලින්ඩරය මුදුනේ ඇති කවුළු ඇරීම හා වැසීම ඇති කරන වෑල් 2ක ඇතුල්වීම සදහා ඇති වෑල්වය චුෂණ වෑල්වය හා පිටවන වෑල්වය පිටාර වෑල්වය ලෙස හැදින්වේ.

          සිවුපහර චක්‍රය

පහරක් යනු (Stroke)
සිලින්ඩරය තුල පිස්ටනය ගමන් කරන ඉහලම සීමාව T.D.C (Top Dead Centar) ලෙසත්, පිස්ටන්ය ගමන් කල හැකි පහලම සීමාව B.D.C (Bottem Dead Centar)ලෙස හැදින්වේ.
            පිස්ටන්ය සිලින්ඩරය තුල T.D.C සිට B.D.C දක්වා එක් වතාවක් හෝ B.D.C සිට T.D.C දක්වා එක් වතාවක් ගමන් කිරීම පහරක් ලෙස හැදින්වේ .
සිවුපහර එන්ජිමක පහරවල් 4ක් සිදුවේ.ඒවා නම් ,
01.චුෂණ පහර (Suction Stroke)
02.සම්පිණ්ඩන පහර (Compression Stroke)
03.බල පහර (Power Stroke)
04.පිටාර පහර (Exhoust Stroke)
      චුෂණ පහර (Suction Stroke)


මෙම පහරේදී පිස්ටනය මුදුන් සිමාවේ සිට පහලම සීමාවට ගමන් ගනී.චුෂණ වෑල්වය අරි පිටාර වෑල්වය වැසී ඇත.පිස්ටනය T.D.C සිට B.D.C දක්වා ගමන් කල විට පරිමාව අඩු නිසා පීඩනය අඩු වේ.ඒ නිසා සිලින්ඩරය තුල රික්තයක් හට ගනී.ඒ අවස්ථාවේ චුෂණ කව්ළුව තුලින් පෙට්‍රල් වාත මිශ්‍රණය සිලින්ඩරය තුලට ඇතුල් වේ.
              පිස්ටනය සිලින්ඩරය තුල යට සීමාවට එනම් B.D.C දක්වා ගමන් කරන තෙක් සිලින්ඩරය තුල පෙට්‍රල් වාත මිශ්‍රණයෙන් පිරේ.
              සිලින්ඩරය තුල පිස්ටනය ගමන් කරන වේගය අඩු වුවහොත් පෙට්‍රල් වාත මිශ්‍රණය ගමන් කිරීම දුරවල් වේ.වේගයෙන් පිස්ටනය ගමන් කරහොත් පෙට්‍රල් වත මිශ්‍රණය ඇතුල්වීම හොදින් සිදු වේ.
     

     සම්පිණ්ඩන පහර (Compression Stroke)

චුෂණ පහරේ B.D.C දක්වා ගමන් කල මිශ්‍රණය නැවත T.D.C වෙත ගමන් කිරීම ඇරබේ.මෙවිට චුෂණ වෑල්වය වැසේ එමෙන්ම තවදුරටත් පිටාර වෑල්වය වැසි පවතී.සිලින්ඩරය තුල ඇති පෙට්‍රල් වාත මිශ්‍රණය පිස්ටනය මගින් සම්පිණ්ඩනය කරනු ලබයි.
         පිස්ටන් සිලින්ඩරය තුල T.D.C දක්වා ගමන් කරන තෙක් මිශ්‍රණය සම්පිණ්ඩනය කරනු ලබයි.
           පිස්ටනය සිලින්ඩරය තුල B.D.C දක්වා ගමන් කල පසු පෙට්‍රල් වාත මිශ්‍රනය සම්පිණ්ඩනය වන පරිමාව දහන කුටීරය නම් වේ(Combustion Chamber).මෙම දහන කුටීරයේ පිහිටුම අනුව එන්ජිම වර්ග 2කට බෙදේ.
              01.DI එන්ජින්
              02.IDI එන්ජින්
දහන කුටීරය පිස්ටන් ඉහලින් පිහිටයි නම් එය DI එන්ජින් ලෙසත් දහන කුටීරය එන්ජින් හිසේ පිහිටයි නම් එය IDI එන්ජිමක් ලෙස වර්ග කල හැක.
              මිශ්‍රණය දහන කුටීරයේ සම්පුර්ණයෙන් සම්පින්ඩනය කල විට පෙට්‍රල් එන්ජිමක සම්පිණ්ඩන පීඩනය 10kgcm-2 වේ.පිඩනය වැඩිවීම නිසා උෂ්ණත්වය ඉහල යයි.(350co පවතී).

      බල පහර (Power Stroke)

සම්පිණ්ඩන පහර අවසානයේදී පිස්ටනය T.D.C සිට ඉහල පිදන්යකින් තෙරපුම ඇති පෙට්‍රල් වාත මිශ්‍රණයට ජ්වලන පද්ධතියේ ප්ලිගු පෙනුවෙන් පුලිගුවක් ලබා දීම නිසා මිශ්‍රනය දහනය වේ.එවිට සිලින්ඩරතුල අදික උෂ්ණත්වයක් ඇති වේ.අදික උෂ්ණත්වය නිසා පීඩනය ඉහල යයි.මේ පීඩනය පිස්ටනය මත ක්‍රියා කර පිස්ටනය B.D.C වෙත වේගයෙන් ගමන් කරයි.සිව් පහර පෙට්‍රල් එන්ජිමක මෙම පීඩනය 35kgcm2 පමණ වන අතර මෙය 7.5cm පිස්ටනය මත ටොන් 1.5 පමණ බලයක් ඇති වේ.මෙම පහරේදී
                                                රසායනික ශක්තිය        
                                                    තාප ශක්තිය
                                                               

                                                යාන්ත්‍රික ශක්තිය

       බවට පත් කරන අතර මෙම පහර සපල පහර නමින්ද හැදින්වේ.

      පිටාර පහර (Exhaust Stroke)

 බල පහර අවසානයේ දහනය වූ දහන අතුරු ඵල ලෙස
      CO2 + H2O + Co + C + CH 
               පරිවර්ථනය වේ.මෙම දහනය වූ දුම ඉවත් කිරීම මෙම පහරින් සිදු කෙරේ.
         පිස්ටනයේ මුදුන් සීමාවට පැමිණෙන තෙක් දැවී වාතය පිට වේ.මෙම පහරේදී පිටාර වෑලවය අරී පවතී.ඉන් පසු නැවත චුෂණ පහර,සම්පිණ්ඩන පහර, බල පහර, පිටාර පහර ලෙස නැවත නැවත ක්‍රියාත්මක වේ.  


Ignition System

          ජ්වලන පද්ධතිය (Ignition System)
පෙට්‍රල් එන්ජිමක සම්පිණ්ඩන පහර අවසානයේ පෙට්‍රල් වාත මිශ්‍රනය දවනු ලබන්නේ විදුලි පුලිගුවක් මගිනි (spark).මෙම පුලිගුව නිකුත් කරනු ලබන්නේ පුලිගු පෙනුවක (spark plug)සිලින්ඩරයට යොමු කර ඇති ඉලෙක්ට්‍රෝන ලෙස හැදින්වේන අග්‍ර 2ක් මගින් මෙම පුලිගුව නිකුත් වීම සදහා 20000v පමණ විභව අන්තරයක් අවශ්‍ය වේ.
                     විනාඩියට වට 3000ක් පමණ වේගයන් කැරකෙන සිලින්ඩර් 4 එන්ජිමක එක සිලින්ඩරයක බල පහරවල් 1500ක් බැගින් බල පහරවල් 6000ක් ඇති කරයි.
                      මෙම සියලු අවශ්‍යතා සපුරමින් පෙට්‍රල් එන්ජිමක මිශ්‍රනය දවිමට අවශ්‍ය පුලිගු සපයන්නේ වහනයේ ජ්වලන පද්ධතිය මගිනි .ජ්වලන පද්ධතියේ ප්‍රධාන කොටස් ලෙස
            බැටරිය ,ජ්වලන දගරය,ඩිස්ට්‍රිබියුටරය හා පුලිගු පෙනුව යන කොටස් වේ.



     
  මෙම පරිපථයේ 12v හෝ 6v ධාරාවක් ජ්වලන දගරය (Ignition Coil)ලබා දේ.මේ සදහා වාහනවල බැටරි වර්ග 2කි.ඒවා නම් :
01.වියළි බැටරි
02.තෙත් බැටරි  ,ලෙස වර්ග 2කි.

බහුලව භාවිත වන බැටරිය තෙත් බැටරිය වේ.බැටරිය තුල ලෙඩ ලෝහය හා සල්ෆියුරික් අම්ල අඩංගු බැවින් මේවා ලෙඩ් බැටරි නම් වේ.බැටරියෙන් ලැබුණු ප්‍රථමික ධාරාව (12v)පුලිගු නිකුත් කිරීම සදහා ද්විතික ධාරාවක් බවට පරිවර්තනය කල යුතුය.මේ සදහා ජ්වලන දගරය මගින් මෙම කාර්යය සිදු කෙරේ.
         එන්ජීමේ දහන පිළිවෙල අනුව පුලිගු ලබා දීම සිදු කරනු ලබන්නේ ඩිස්ට්‍රිබියුලේටරය මගිනි. ඩිස්ට්‍රිබියුලේටරය එන්ජිමක කැමි දණ්ඩට මුර්තන(Timing) කර ඇත.

                  Electronic Ignition System
ඩිස්ට්‍රිබියුලේටරය ඇති ජ්වලන පද්ධතිවල නිසා එන්ජිමේ කාර්යක්ෂමතාවට බලපෑම් ඇති වේ.ඒ අතර ස්පර්ෂක තුඩු හා දෝෂ ඇති වේ.එන්ජිමේ වේගය අනුව ස්පර්ෂක තුඩු (Rotor)ගැටීම නිසා ස්පර්ෂක තුඩු ගෙවේ.මේ දෝෂ මග හරවා ගැනීමට ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධති යොදා ගනී.වාහනවල සරල ඉලෙක්ට්‍රොනික පද්ධතිය සිට සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පද්ධතිය දක්වා විකසන ඇත.මෙහිදී පරිගණක මවුපුවරු (computer Mother bord)තාක්ෂනය භාවිතා කර ඇත.
 ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතිය වර්ග 3කි.
     01.ස්පර්ෂ තුඩු සහිත ට්‍රාන්සිස්ටර් ජ්වලන පද්ධති
     02.ස්පර්ෂ තුඩු රහිත යාන්ත්‍රික හා රික්තක සහිත ජ්වලන පද්ධති
     03.පරිගණක මගින් පාලනය වන ජ්වලන පද්ධති
             ලෙස ජ්වලන පද්ධති ආකාර 3 හැදින්විය හැකිය .

යතුරු පැදි ,ත්‍රිරෝද රථවල CDI unit ලෙස නිර්මාණය කර ඇත්තේ මෙම ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතියයි.