ජ්වලන පද්ධතිය (Ignition System)
පෙට්‍රල් එන්ජිමක සම්පිණ්ඩන පහර අවසානයේ පෙට්‍රල් වාත මිශ්‍රනය දවනු ලබන්නේ
විදුලි පුලිගුවක් මගිනි (spark).මෙම පුලිගුව නිකුත් කරනු ලබන්නේ පුලිගු පෙනුවක
(spark plug)සිලින්ඩරයට යොමු කර ඇති ඉලෙක්ට්‍රෝන ලෙස හැදින්වේන අග්‍ර 2ක් මගින් මෙම පුලිගුව නිකුත් වීම සදහා 20000v පමණ විභව අන්තරයක් අවශ්‍ය වේ.
විනාඩියට වට 3000ක් පමණ වේගයන් කැරකෙන සිලින්ඩර් 4 එන්ජිමක එක සිලින්ඩරයක බල පහරවල් 1500ක් බැගින් බල පහරවල් 6000ක් ඇති කරයි.
මෙම සියලු
අවශ්‍යතා සපුරමින් පෙට්‍රල් එන්ජිමක මිශ්‍රනය දවිමට අවශ්‍ය පුලිගු සපයන්නේ වහනයේ ජ්වලන
පද්ධතිය මගිනි .ජ්වලන පද්ධතියේ ප්‍රධාන කොටස් ලෙස
බැටරිය ,ජ්වලන
දගරය,ඩිස්ට්‍රිබියුටරය හා පුලිගු පෙනුව යන කොටස් වේ.
මෙම පරිපථයේ 12v හෝ 6v ධාරාවක් ජ්වලන දගරය (Ignition Coil)ලබා දේ.මේ සදහා වාහනවල බැටරි වර්ග 2කි.ඒවා නම් :
01.වියළි
බැටරි
02.තෙත් බැටරි ,ලෙස වර්ග 2කි.
බහුලව භාවිත වන බැටරිය තෙත් බැටරිය වේ.බැටරිය තුල ලෙඩ ලෝහය හා සල්ෆියුරික් අම්ල
අඩංගු බැවින් මේවා ලෙඩ් බැටරි නම් වේ.බැටරියෙන් ලැබුණු ප්‍රථමික ධාරාව (12v)පුලිගු නිකුත් කිරීම සදහා ද්විතික ධාරාවක් බවට
පරිවර්තනය කල යුතුය.මේ සදහා ජ්වලන දගරය මගින් මෙම කාර්යය සිදු කෙරේ.
එන්ජීමේ දහන පිළිවෙල අනුව
පුලිගු ලබා දීම සිදු කරනු ලබන්නේ ඩිස්ට්‍රිබියුලේටරය මගිනි. ඩිස්ට්‍රිබියුලේටරය එන්ජිමක
කැමි දණ්ඩට මුර්තන(Timing) කර ඇත.
Electronic Ignition System
ඩිස්ට්‍රිබියුලේටරය ඇති ජ්වලන පද්ධතිවල නිසා එන්ජිමේ කාර්යක්ෂමතාවට බලපෑම්
ඇති වේ.ඒ අතර ස්පර්ෂක තුඩු හා දෝෂ ඇති වේ.එන්ජිමේ වේගය අනුව ස්පර්ෂක තුඩු (Rotor)ගැටීම
නිසා ස්පර්ෂක තුඩු ගෙවේ.මේ දෝෂ මග හරවා ගැනීමට ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධති යොදා ගනී.වාහනවල
සරල ඉලෙක්ට්‍රොනික පද්ධතිය සිට සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පද්ධතිය දක්වා විකසන
ඇත.මෙහිදී පරිගණක මවුපුවරු (computer Mother bord)තාක්ෂනය භාවිතා කර ඇත.
ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතිය වර්ග 3කි.
01.ස්පර්ෂ තුඩු සහිත ට්‍රාන්සිස්ටර්
ජ්වලන පද්ධති
02.ස්පර්ෂ තුඩු රහිත යාන්ත්‍රික හා රික්තක සහිත
ජ්වලන පද්ධති
03.පරිගණක මගින් පාලනය වන
ජ්වලන පද්ධති
ලෙස ජ්වලන පද්ධති ආකාර 3 හැදින්විය හැකිය .
යතුරු පැදි ,ත්‍රිරෝද රථවල CDI unit ලෙස නිර්මාණය කර ඇත්තේ මෙම ඉලෙක්ට්‍රොනික
ජ්වලන පද්ධතියයි.
නිසියාකාරව දැනුමක් ලැබුනා ස්තුතියි .
ReplyDelete